Fitness Tracker එක නිවැරදිව භාවිතා කරන්නේ කෙසේද?

 


Fitness Tracker ශරීර සුවතාවය පිලිබදව සිතන ලාංකිකයන් අතර අද බහුලව භාවිතා වන උපකරණයක්. කාර්‍යය බහුල ජීවන රටාවක් ගෙවන ඕණම කෙනෙක් උදෑසන හෝ සවස් කාලයේ තම ශරීර සුවතා කටයුතු සදහා වේලාවක් වෙන්කර ගැනීමට විශේෂ නැඹුරුවක් අද වන විට නිර්මාණය වෙමින් තිබෙනවා. රට පුරා ඇති ශරීර සුවතා මංතීරු වල උදෑසන හෝ සවස් කාලයේ ව්‍යායාම වල යෙදෙන පිරිස ක්‍රමයෙන් වැඩි වෙමින් තිබෙන පසුබිමක Fitness Tracker උපකරණ රට තුල වැඩි ජනප්‍රියත්වයක් ලබාගත්තා.

 

Fitness Tracker උපකරණය අදාර වන්නේ ඔබේ ශරීරයේ දහනය වූ කැලරි ප්‍රමාණය බලාගැනීමටත්, ඔබ ගමන් කල නැත්නම් දුවන ලද steps ප්‍රමාණය බලාගැනීමත් එහෙමත් නැත්නම් ඔබ කොපමණ කාලයක් workout කලාද වැනි ඉතාමත් වැදගත් තොරතුරු ලබාගැනීම සදහායි. නවීන ජංගම දුරකථන මේ කටයුතු සදහා පහසුකම් සපයන නමුත් ව්‍යායාම් කරන විට දී ජංගම දුරකථනයක් භාවිතා කරනවාට වඩා Fitness Tracker උපකරණයක් භාවිතා කිරීම ඉතාමත් පහසුයි. අද වන විට වෙළඳපොලේ විවිධ මාදිලිවලින් මෙම Fitness Tracker උපකරණ මිලදී ගැනීමට වෙළඳපොලේ තිබෙනවා. ඔරලෝසුවක්, බ්‍රේස්ලට් එකක්, පටියක් මෙන්ම Clip එකක් ආකාරයෙන් හදන ලද Fitness Tracker උපකරණද අද මිලදී ගැනීමට තිබෙනවා. නමුත් බොහෝ දෙනෙක් මෙම උපකරණ නිවැරදිව භාවිතා කරන ආකාරය දන්නේ නැහැ. මෙම උපකරණය නිවැරදිව භාවිතා කල හැකි ආකාර කිහිපයක් අපි දැන් සලකා බලමු.

 

# Fitness Tracker උපකරණය අතේ පැලදිය හැකි එකක් නම් එය ඔබ අඩුවෙන් වෙහෙසවන අතෙහි පලදින්න

 

Fitness Tracker උපකරණය ඔබ අඩුවෙන් අසුරුවන අතෙහි පැලදීම මගින් එය වඩා නිවැරදි දත්ත ලබා දෙන බවට විශේෂඥයන් පවසනවා. ඒ වගෙම වඩා හොද තත්වයෙන් යුත් මෙම උපකරණ තරමක් මිලෙන් අධික නිසා එය නිතර භාවිතා කරන අතෙහි පැලදීම මගින් එයට හානියක් සිදුවිය හැකි අවස්ථාව වැඩි වනවා. මේ නිසා ඔබ ශරීර සුවතා ව්‍යායාම වල නිරත වන විට Fitness Tracker උපකරණය අඩුවෙන් භාවිතා කිරීම වැදගත් වනවා.

 

# ඔබේ Profile එක Update කර තබා ගැනීම ඉතා වැදගත්

 

Fitness Tracker උපකරණයට අදාල යෙදවුමේ නැත්නම් Application (App) එකේ ඔබට ඔබේ Profile එකට දත්ත ඇතුලත් කිරීමට අවස්ථාව තිබෙනවා. මෙය නිවැරදි දත්ත ඇතුලත් කර Update කර තැබීම ඉතා වැදගත්. එහි ඔබේ ස්ත්‍රී, පුරුෂ භාවය, ඔබේ උස, බර, වයස වැනි දත්ත ඇතුලත් කිරීමට තිබෙනවා. Fitness Tracker උපකරණය ඔබට ව්‍යායාම කිරීම අතරතුර ඔබේ දහනය වුනු කැලරි ප්‍රමාණය ලබා දෙන්නේ ඔබේ උස, මහත, වයස හා ස්ත්‍රී පුරුෂ භාවට වැනි දත්ත පදනම් කරගෙන නිසා නිවැරදි දත්ත ලබා ගැනීමට නම් 100% නිවැරදිව ඔබ ඔබේ Profile එක update කර තබා ගත යුතුයි.

 

# නිවැරදි ඉලක්කයන් හබායෑම ඉතා වැදගත්

 

Fitness Tracker උපකරණය පිලිබදව අදහස් දක්වන විශේෂඥයන් පවසන්නේ ඔබ එහි හබා යා යුත්තේ ඔබට ඇත්තටම ලගා කරගත හැකි ඉලක්ක බවයි. උදාහරණයක් ලෙස ඔබට දිනකට ඇවිදිය හැකි steps ප්‍රමාණය 6000ක් නම් ඔබ Fitness Tracker එකේ steps 15,000ක ඉලක්කයක් හබායාම සාර්ථක ක්‍රියාවක් නොවේ. මෙයින් සිදුවන්නේ ඔබ එම ඉලක්කය ලගාකර ගැනීමට නොහැකිව මානසික අපහසුතාවයකට ලක්වීමයි. මේ නිසා සෑම විටම Fitness Tracker එකේ ඉලක්කයක් නැත්නම් goal එකක් set කිරීමේදී එය ඔබට ලගාකර ගත හැකි එකක් වීම ඉතා වැදගත්.

 

# Fitness Tracker යනු කැලරි ප්‍රමාණය මනින උපකරණයක් පමණක් නොවේ

 

නිවැරදි ලෙස Fitness Tracker උපකරණ ඔබට යොදාගැනීමට නම් එහි ඇති අනෙකුත් පහසුකම්ද ඔබ භාවිතයට ගත යුතුයි. ඔබේ දහනය වන කැලරි ප්‍රමාණය ගණනය කිරීම ඔබට වැදගත් සේම එහි ඇනෙක් features කෙරෙහිත් ඔබේ අවදානය යොමු කිරීම ඉතාමත් වැදගත් වනවා. මෙහි ඔබේ හෘද ස්පන්දනය ගණනය කිරීමේ යෙදුම්, ඔබ නිදාගත් වේලාව හා එහි ස්වභාවය දක්වන යෙදුම් වැනි ඔබේ සෞඛ්‍ය සම්බන්ධ යෙදුම් රැසක් පවතිනවා. මේ නිසා ඒවාද ඔබ ප්‍රයෝජනයට ගත යුතුයි. එවිට මෙම උපකරණයෙන් ඔබට ලැබෙන සේවාවන් ඔබ උපරිමයෙන් ලබාගන්නා බව සදහන් කල හැකී.

 

# මෙහි යෙදවුම් (Features) කණ්ඩායම් වශයෙන් යොදා ගැනීම වැදගත්

 

සෞඛ්‍ය පිලිබදව උපදෙස් ලබාදෙන විශේෂඥයන් පවසන තවත් කාරණාවක් නම් මෙම උපකරණයෙන් ඔබට ලැබෙන දත්තයන් ඔබට ඔබේ මිතුරන් දිරිමත් කිරීමට නැත්නම් ඔබවම ධෛර්යමත් කරගැනීම සඳහා භාවිතා කල හැකි බවයි. විශේෂයෙන් ඔබ ව්‍යයාම කිරීමේදී තබාගන්නා Daily Targets ඔබට ඔබේ මිතුරු මිතුරියන් හා සසදා බැලිය හැකී. ඔවුන් ඔබට වඩා ඉදිරියෙන් සිටී නම් ඔබට ඔවුන්ගේ මට්ටමට ලගාවීම සදහා ඔබවම දිරිගන්වා ගතහැකී. එමෙන්ම ඔබට පවුලක් වශයෙන් ඔබේ බිරිද හෝ ස්වාමිපුරුෂයා සමග නැත්නම් දරුවන් සමග මෙම උපකරණ භාවිතා කර කණ්ඩායමක් වශයෙන් ඉලක්ක හඹායාම සිදුකරන්නත් පුළුවන්.

 

ඉහත තොරතුරු පදනම් කරගෙන ඔබට නිවැරදිව Fitness Tracker උපකරණය භාවිතා කල හැකී. එලෙසම මේ සම්බන්ධව උපදෙස් ලබා දෙන විශේෂඥයන් ලබාදෙන තවත් ප්‍රධානම උපදෙසක් නම් මෙම උපකරණයේ දත්ත මතම පදනම් වී කටයුතු කිරීමෙන් ඔබ මානසික ආතතියකට ලක් විය හැකි බවයි. විශේෂයෙන් ඔබට දිගින් දිගටම Daily Goals නැත්නම් ඔබ දෛනිකව බලාපොරොත්තු වන ඉලක්ක කරා ලගාවීමට නොහැකි නම් ඔබ උපකරණය සමග උරණ වීමක් හෝ මානසිකව කඩාවැටීමක් සිදු නොවිය යුතුයි. එවිට ඔබ කල යුත්තේ හැකි ඉක්මනින් ශරීර යෝග්‍යතාව සම්බන්ධ විශේෂඥයෙක් හමුවී ඒ සදහා නිසි උපදෙස් ලබා ගැනීමයි. විශේෂයෙන් පුද්ගලික පුහුණුකරුවෙක් යොදාගැනීම මගින් ඔබට මෙම ගැටලුව නිරාකරණය කරගැනීමට හැකියාවක් පවතිනවා.

 

Fitness Tracker උපකරණය පිලිබදව තවත් වැදගත්ම කාරණයක් නම් ඔබ මෙම උපකරණයක් තෝරාගැනීමේදී ව්‍යාජ නොවන උපකරණයක් තෝරා ගැනීමයි. වඩා යෝග්‍ය Branded Fitness Tracker එකක් මිලදී ගැනීම කියලත් කියන්න පුළුවන්. මන්ද මෙමගින් ඔබට ලැබෙන දත්ත ඔබට ඉතාමත් වැදගත් මෙන්ම ඔබේ එදිනෙදා ජීවතයට බලපාන ඒවා වන නිසා. මේ නිසා ඔබ මෙම උපකරණයක් මිලදී ගැනීමට පෙර වෙළඳපොලේ දැනට පවතින Fitness Tracker උපකරණ පිළිබඳව හොඳින් සොයාබලා අධ්‍යනයක යෙදීම ඉතාමත් වැදගත් වනවා.

 

 

Post a Comment